ඩෝරියන් සුළි කුණාටුව හේතුවෙන් බහමාස් හි සිදුව ඇති ජීවිත හානි 30 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි බව රජය විශ්වාස කරයි.
විශේෂයෙන්ම, සුළි කුණාටුව හේතුවෙන් දැඩි අලාභානි සිදුව ඇති ප්‍රදේශ වෙත මුදාගැනීමේ කණ්ඩායම්වලට ළඟාවීමට නොහැකි වී ඇති බවද කියැවෙයි.
සුළි කුණාටුවෙන් වැඩිම බලපෑමක් සිදුවූ ප්‍රදේශ වෙත මෘත ශරීර බහාලන බෑග් 200ක් ලබාදී ඇති අතර, මේ තත්ත්වය තුළ රජය නිවැරදි තොරතුරු ප්‍රකාශ නොකරන බවද විශ්වාස කෙරෙයි.
පසුගිය ඉරිදා සිට අඟහරුවාදා දක්වා බහමාස් හි උතුරුදිග හරහා හමාගිය ඩෝරියන් සුළි කුණාටුව එක්සත් ජනපදයේ උතුරු සහ දකුණු කැරොලීනා ප්‍රාන්ත වෙත ඇතුළු වී තිබේ. කෙසේ වෙතත්, මේ වනවිට සුළි කුණාටුවේ ප්‍රබලත්වය හීනවී ඇති බව විදෙස් වාර්තා පවසයි.