ට්විටර් සමාජ ජාලයේ කොටස් අගය ගෙවීගිය කාර්තුවේ පසුබෑමක් පෙන්වා ඇති අතර, ඊට එල්ල වූ වෛරස් දෝෂ සහ දැන්වීම් ඉල්ලුම පහළ යාම මීට හේතුව බව ඔවුන් කියයි.
ඇ.ඩො.31ක් දක්වා සමාගමේ කොටසක අගය සැලකිය යුතු පහළ යෑමක් පෙන්නුම් කර ඇති අතර, එය 15ක%ක පමණ කඩා වැටීමක් බව කියයි.
කෙසේ වෙතත්, ට්විටර් සමාගමේ ආදායම් වසරකට 9%ක වර්ධනයක් පෙන්නුම් කරමින් ඇ.ඩො.මිලියන 824 දක්වා ඉහළ ගොස් තිබේ.
නමුත්, බලාපොරොත්තු වූ ඇ.ඩො.මිලියන 874ක ආදායම් ඉලක්කය වෙත යෑමට ඉහත කී ගැටලු හේතුවෙන් ළඟා වීමට ට්විටර් වෙත නොහැකි විය.