මියන්මාරයේ භාවනානුයෝගීව සිටිමින් මියන්මාරය පිළිබඳ අදහස් දැක්වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනාවට ලක්වූ ට්විටර් ප්‍රධානියා භාවනාවෙන් මිදී ඇති බව විදෙස් වාර්තා පවසයි.
දින 10ක කාලයක් මියන්මාරයේ භාවනානුයෝගීව සිටි ඔහු වෙත රොහින්ග්‍යා ආධාරකරුවන් සහ විදෙස් සංවිධාන විසින් චෝදනා කළේ මියන්මාරය යනු ම්ලේච්ඡ රාජ්ය්යක් ලෙස හඟවමිනි.
මේ ආකාරයෙන් එල්ල වූ චෝදනාවලට ප්‍රතිචාර ලෙස ජැක් ඩෝර්සි පවසා සිටියේ තමන් බොහෝ කාරණා නොදන්නා බැවින් තවත් බොහෝ දේ දැනගත යුතුව ඇති බවයි.
විශේෂයෙන්ම මියන්මාරය වෙත අනවසරයෙන් ඇතුළු වී එරට පොලිස් ස්ථාන රැසකට පහරදෙමින් ක්‍රියාකළ රොහින්ග්‍යා අන්තවාදීන් පාලනය කිරීමේ මියන්මාර ක්‍රියාව මූලික කර ගනිමින් මියන්මාරය වෙත ජාත්‍යන්තරයේ දැඩි බලපෑම එල්ල වූයේ එරට නාමමාත්රික නායිකා අවුන්සාන් සුඛී වෙත සෘජුවම ඇඟිල්ල දිගු කරමිනි.
මෙහිදී, ජැක් පවසා ඇත්තේ මියන්මාරය තුළ යම් මානව හිමිකම් කඩවීමක් සිදුවී ඇත්නම් තමන් ඒ පිළිබඳ අවබෝධයෙන් සිටියත්, මෙය සම්පූර්ණයෙන්ම තමන්ගේ පෞද්ගලික සංචාරයක් බවද ඔහු පවසා ඇත. මෙහිදී, සෘජුවම තමන් තමාගේ භාවනාව පිළිබඳ පමණක් අවධානය යොමුකළ බවද ඔහු පවසා ඇත.