ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් ඛමේනි ඉලක්ක කරමින් නව සම්බාධක පැනවීමක් සඳහා ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කර තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා සිටියේ ඉරානය වෙත දැඩි බලපෑමක් ඇති කරන තවත් සම්බාධක රැසක් මේ සමග පවතින බවයි.
එක්සත් ජනපද ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළීම ඇතුළු තවත් කාරණා ගණනාවක් ඉලක්ක කරමින් මෙම සම්බාධක පැනවීම සිදුකළ බව ට්‍රම්ප් කියයි.
එමෙන්ම, ඉරානය වෙත එක්සත් ජනපදය යොදන පීඩනය ඉදිරියේදී තවදුරටත් වැඩිවනු ඇති බව පවසන ට්‍රම්ප්, ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවියක් හිමිකර ගැනීමට අවස්ථාවක් නොමැති බවද අවධාරණය කරයි.
ඉන්ධන ප්‍රවාහන නෞකා කිහිපයක් වෙත ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා කරමින් ඇමෙරිකාව සහ ඉරානය අතර පසුගිය සති කිහිපය පුරා දැඩි උණුසුම්කාරී වටපිටාවක් පවතී.