ලෝකයේ විශාලතම දූපත් රාජ්‍ය වන ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාකච්ඡා කරන බවට වූ වාර්තාවකින් ඒ පිළිබඳ ලෝකයේ බොහෝදෙනාගේ අවධානය යොමුව තිබේ.
ඩෙන්මාර්කයෙන් ස්වයංපාලන අයිතිය ලබා ඇති මෙම දූපත් රාජ්‍ය මිලදී ගැනීම සඳහා ට්‍රම්ප් රාත්‍රී භෝජන සංග්‍රහයකදී ඩෙන්මාර්ක උපදේශකයන් පිරිසක් සමග සාකච්ඡාවක නිරතව ඇති බව එම වාර්තා වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත්, මෙම පුවත වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් හරහා මතුවීමත් සමග ඩෙන්මාර්ක දේශපාලඥයන් එය ප්‍රතික්ෂේප කර ඇති අතර, එය අප්‍රේල් 01 වැනිදාට පැවසිය හැකි බොරුවක් බව සඳහන් කර තිබේ.
කෙසේ නමුත්, වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තාවන්ට අනුව, ට්‍රම්ප් මෙම දූපත මිලදී ගැනීම සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් හා විශ්වාසයකින් යුතුව සාකච්ඡා කර ඇති බව කියැවෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ග්‍රීන්ලන්ත විදේශ අමාත්‍යවරයාද පවසා තිබුණේ, තම රාජ්‍ය ව්‍යාපාරයන්ට විවෘත වුවත්, විකුණාගෙන කෑමට අදහසක් නොමැති බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය මෙතෙක් කිසිවක් පවසා නොමැත.