රික්ටර් පරිමාණ 5.8ක භූ කම්පනයක් හේතුවෙන් ටිබෙටයේ ෂිගාසේ නගරය ආශ්රිත ප්‍රදේශය සෙලවී ගිය බවත්, මින් ජීවිත හානි වාර්තා නොවන බවත් විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ ඊයේ (24දා) අලුයම් කාලයේදී වාර්තා වූ මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය පොළව අභ්‍යන්තරයේ කිලෝමීටර් 8ක් ගැඹුරින් සටහන්ව ඇති බවයි.
කෙසේ වෙතත්, චීන මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම භූ කම්පනය නිසා එම පළාතේ නිවාස රැසක ගොඩනැගිලිවලට යම් හානි සිදුව තිබේ. කෙසේ වෙතත්, භූ කම්පනයෙන් ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොතිබූ බවද එම වාර්තාවල කියැවෙයි.
එමෙන්ම, භූ කම්පනයෙන් සිදුවූ හානි සොයාබැලීමට ආරක්ෂක අංශ සමග ආපදා කණ්ඩායම් එම පළාත්වෙත යොමුකර ඇති බවද වැඩිදුරටත් සඳහන් වෙයි.