ඇමෙරිකාවේ ප්රමුඛ මූල්‍ය සම්පාදකයෙකු වූ ජෙෆ්රි එප්සිටින්ගේ මරණය සියදිවි නසාගැනීමක් දැයි මේ වනවිට ප්‍රශ්නයක් මතුව තිබේ.
ලිංගික වහල් සේවය සහ කුමන්ත්‍රණ සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගතව සිටි ඔහු මීට පෙර ඇමෙරිකානු ජනපති ඩොනලඩ් ට්‍රම්ප්, හිටපු ජනපති බිල් ක්ලින්ටන් සහ එඩ්වඩ් කුමරු ආදී ප්‍රකට පුද්ගලයන් සමග සමීප ඇසුරක් පැවැත්වූවෙකු බැවින් මෙම සැකය අන්තර්ජාලය තුළ මතු කර ඇත.
පසුගියදා නිව්යෝක් නුවර අධි ආරක්ෂිත සිරමැදිරියක් තුළ ඔහු මියගොස් සිටි අතර, ඔහුගේ මරණය සියදිවි නසා ගැනීමක් බව විශ්වාස කෙරුණි.
66 හැවිරිදි වියේ පසුවන ඔහු, මීට පෙරද සියදිවි නසා ගැනීමකට උත්සාහ කර තිබුණත් එවර ඔහු බේරාගෙන තිබුණි.
නමුත්, මෙවර ඔහුගේ මරණය දැඩි ආරක්ෂාවක් පවතින බන්ධනාගාරයක් තුළ සිදුවූ ආකාරය සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න මතුකර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.