ජර්මානු ජෛව තාක්ෂණය වන ක්යෝවැක් එන්.වී කියා සිටියේ එහි කොවිඩ්-19 එන්නත අවසන් අදියර සයනික පරීක්ෂණවලදී 47%ක් පමණක් ඵලදායී වී ඇති බැවින්, එහි අධ්‍යයනයේ ප්‍රධාන ඉලක්කය සපුරාගැනීමට නොහැකි වූ නිසා, යුරෝපා සංගමයට මිලියන සිය ගණනක් මාත්‍රා ලබාදිය හැකිද යන්න පිළිබඳ දැන් ගැටලුවක් මතුව ඇති බවයි.
යුරෝපයේ සහ ලතින් ඇමරිකාවේ ස්වෙච්ඡා සේවකයන් 40,000ක් පමණ යොදාගෙන සිදුකළ අධ්‍යයනයේ අන්තර් විශ්ලේෂණයේදී කොවිඩ්-19 ආසාදිතයන් බවට පත්වීම් 134ක් හමුවී ඇත්තේ එන්නත පිළිබඳ බලාපොරොත්තු සුන් කරමිනි.
අතිශය දුර්ලභ නමුත් මාරාන්තික රුධිර කැටි ගැසීමේ ආබාධවලට සම්බන්ධ වීම හේතුවෙන් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් භාවිතය සඳහා වයස් සීමාවන් පැනවීමෙන් පසුව ක්යොවැක් එන්නත සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් තබා තිබුණි.
මෙම එන්නත් මාත්‍රා මිලියන 405ක් යුරෝපා සංගමය දැනටමත් ඇනවුම් කර තිබූ අතර, තවත් මාත්‍රා මිලියන 20ක් සඳහා ජර්මනියද අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබුණි. නමුද් මෙම සායනික පරීක්ෂණ දත්ත ප්‍රකාශ වී පැය කිහිපයකට පසුව ක්යොවැක් හි කොටසක අගය 50.6%කින් කඩා වැටී ඇත.