ඉන්දියාවේ ජම්මු - කාශ්මීර් ප්‍රාන්තය නිල වශයෙන් මධ්‍යම රජයේ පරිපාලනය යටතේ පවතින දිස්ත්‍රික්ක ද්විත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම නව එකඟතාව අනුව ජම්මු කාශ්මීර් එක් බල ප්‍රදේශයක් බවට පත්වන අතර, චීනයට මායිම් වන ලඩාක් වෙනම බෙදා වෙන්කර ඇත.
ඒ අනුව, මෙම නව දිස්ත්‍රික්කයන් ද්විත්වය සෘජුවම දිල්ලියේ මධ්‍යම රජය යටතේ පරිපාලනය වනු ඇත.
ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරය සම්බන්ධයෙන් මෙම තීරණය පසුගිය අගෝස්තු මාසයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රකාශයට පත්කළ අතර, මේ සම්බන්ධයෙන් විවිධ මත පළ කෙරිණි.
මේ නව පරිපාලන තත්ත්වයන් යටතේ ඔවුන්ට ස්වයංපාලන අයිතිය බොහෝ සෙයින් සීමා වන අතර, එහි ප්රමුඛ බලය මධ්‍යම රජයට හිමිවෙයි.