චිලියේ වත්මන් රජයට එරෙහි ජනතා උද්ඝෝෂණ ඉහළ යාමත් සමග සිය කැබිනට් මණ්ඩලය විසුරුවා හැර නව කැබිනට් මණ්ඩලයක් නම් කිරීම සඳහා ජනපති සෙබස්තියන් පිනෙරා පියවර ගෙන තිබේ.
රජයේ ආකාර්යක්ෂමතාව අවසන්විය යුතු බව පවසමින් පසුගිය සිකුරාදා මිලියනයකට ආසන්න ජනතාවක් එරට සැන්තියාගෝ අගනුවරට පැමිණ විරෝධතා දැක්වීමත් සමග ජනපතිවරයා ජනතා මතයට හිස නමා තිබේ.
මීට සති දෙකකට ආසන්න කාලයක් පුරා චිලියේ ක්රියාත්මක ජනතා උද්ඝෝෂණ හේතුවෙන් මේ දක්වා පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.
චිලියේ බස් ගාස්තු ඉහළ නැංවීමට රජය ගත් තීරණයක් සමග ආරම්භ වූ විරෝධතාව මේ ආකාරයෙන් සමාජ විෂමතා ගැටලුවක් දක්වා වර්ධනය විය.
මෙම උද්ඝෝෂණ පිටුපස එරට විපක්ෂයද සිටින බව කියවුණත්, මෙහිදී පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ජනතාව එකා සේ වීදිබැස තිබුණු බව විදෙස් වාර්තා පවසයි.