චිලී රාජ්‍යයේ පවතින රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ රැල්ල හේතුවෙන් එරට පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතීන්ගේ කාලගුණික විපර්යාස සමුළුව ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර සමුළු දෙකක් අවලංගු කර තිබේ.
චිලී ජනාධිපති සෙබස්තියන් පිනේරා පවසා සිටියේ, මෙම තීරණය වේදනාකාරී තීරණයක් වුවත්, රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීම තම රජයේ මේ වනවිට ප්‍රධාන කාර්ය භාරය වන බව පවසයි.
දේශගුණ විපර්යාස පිළිබඳ COP25 සමුළුව දෙසැම්බර් 02දා සිට 13දා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ අතර, Apec වෙළෙඳ සමුළුවද ලබන මාසයේදී පැවැත්වීමට නියමිතව තබුණි.
ඒ අනුව, මෙම සමුළු ද්විත්වය පැවැත්වීම සඳහා වෙනත් ස්ථානයක් කෙරෙහි සිය අවධානය යොමුකර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.