චීනයට බලපෑ ලෙකිමා සුළි කුණාටුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් පුද්ගලයන් 20ක් පමණ අතුරුදන් බව වාර්තා වෙයි.
චීන බලධාරීන් පවසා සිටියේ සෙජියෑන්ග් පළාතේ පමණක් මිලියන 5ක පමණ ජනතාවක් මෙම කුණාටුවෙන් බලපෑමට ලක්ව ඇති බවයි.
එමෙන්ම, තවත් මිලියනයක ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකරවීමට බලධාරීන් කටයුතු කර තිබුණි.
සෙනසුරාදා උදෑසන තායිවානය සහ ෂැංහයි නගරය අතරමැදින් චීනයේ ගොඩබිමට කඩා වැදුණු ලෙකිමා සුළි කුණාටුව තද සුළං සමග ප්‍රබල වර්ෂාවක් ඇතිකර තිබුණි.
මෙය ඉරිදා දිනය අවසන් වනවිට තවදුරටත් නැගෙනහිරට වන්නට ගමන් කරමින් තිබුණු අතර, ඉන් ෂැංහයි නගරයටත් සැලකිය යුතු බලපෑමක් සිදුවනු ඇති බව කාලගුණ අංශ පවසයි.
කුණාටුවෙන් ප්‍රබල බලපෑමක් ඇති වූ සෙජියෑන්ග් පළාතේ වගාබිම් සහ නිවාස 34,000ක් පමණ සුළි කුණාටුවෙන් විනාශයට ලක්ව ඇති අතර, එහි සෘජු ආර්ථික අලාභය යුආන් බිලියන 15කට ආසන්න බව කියැවෙයි.