චීනයට බලපා ඇති ලෙකීමා සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට ජීවිත 18ක් අහිමිව මිලියනයකට අධික ජනතාවක් සිය නිවෙස්වලින් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.
සුළි කුණාටුවත් සමග ඇති වූ ප්‍රබල වර්ෂාව හේතුවෙන් සිදුවූ නායයෑම් නිසා තවත් පුද්ගලයන් 14 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව සඳහන් වෙයි.
අද (10දා) උදෑසන කාලයේදී ලෙකීමා සුළි කුණාටුව වෙන්ලින්ග් ප්‍රදේශයෙන් ගොඩිමට කඩා වැදී ඇති අතර, එය චීනයේ මූල්‍ය අගනරය ලෙස සැලකෙන ෂැංහයි සහ තායිවානය අතර කලාපයකි.
ආරම්භයේදී සුපිරි තත්ත්වයේ සුළි කුණාටුවක් ලෙස වර්ග කර තිබුණද, එය ගොඩබිමට කඩා වැදීමත් සමග තරමක් දුර්වල වී ඇති අතර, මේ වනවිට පැයට කිලෝමීටර් 187ක පමණ සුළං වේගයක් පවතින බව කාලගුණ අංශ පවසයි.
සුළි කුණාටුව නිසා වෙන්සූ ප්‍රදේශයේ නායයෑම් වාර්තා වන අතර, මෙය ෂැංහයි නගරය වෙතද දැඩි බලපෑමක් කරනු ඇති බව කාලගුණ අංශ පවසයි.