මතභේදයට තුඩුදී ඇති දකුණු චීන මුහුදට බැලස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කරමින් චීනය විසින් ඇමෙරිකා එක්සත් ජනපදයට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
බීජිං පාලනය විසින් කිංහායි පළාතෙන් එක් අතරමැදි පරාස බැලස්ටික් මිසයිලයක් වන DF-26B මිසයිලය එල්ල ක රඇති අතර, ජියැන්ග් පළාතේ සිට තවත් මධ්‍යම පරාස බැලස්ටික් මිසයිලයක් වන DF-21D මිසයිලය එල්ල කර තිබුණේ, පියාසර තහනම් කලාපයකට ඇමෙරිකානු ගුවන් යානයක් අනවසරයෙන් ඇතුළු වීමට ප්‍රතිචාර වශයෙනි.
චීනය උතුරු වෙරළට ඔබ්බෙන් පිහිටි බොහායි මුහුදේදී සජීවී ගිනි නිවන නාවික අභ්‍යාසයක යෙදී සිටියදී අවසරයකින් තොරව, චිනය විසින් පියාසර තහනම් කලාපයක් ලෙස නම්කර ඇති ප්‍රදේශයට එක්සත් ජනපදයේ U-2 වර්ගයේ ඔත්තු බැලීමේ යානයක් පසුගියදා ඇතුළු වී තිබුණි.
එක්සත් ජනපදයේ මෙම ක්‍රියාව චීනයේ සාමාන්‍ය යුද අභ්‍යාස පවා දැඩි ලෙස කඩාකප්පල් කිරීමක් ලෙස එරට චීන තානාපතිවරයා සඳහන් කර තිබුණි.
චීනයේ විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ෂාවෝ ලිජියන් විසින් මෙසේ ඔත්තු මෙසේ ඔත්තු බැලීමේ යානාවන් ක්‍රියාත්මක කිරීම ප්රකෝපකාරී ක්‍රියාවක් ලෙස විස්තර කළ අතර, එවැනි ක්‍රියා නවත්වන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේය.