එක්සත් ජනපදය සහ චීනය අතර ඇතිව තිබෙන වෙළෙඳ යුද්ධය තවත් දරුණු කරමින්, චීනයෙන් කෙරෙන ආනයනික භාණ්ඩ සඳහා තවත් 5%ක තීරු බද්දක් පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
ඇමෙරිකාවෙන් සිදුකරන ඇ.ඩො.බිලියන 75ක් වටිනා භාණ්ඩ වෙනුවෙන් 5%ක තීරුබද්දක් පැනවීමට සූදානම් යැයි චීනය කියා සිටීමත් සමග, ඊට ප්‍රතිචාර ලෙස ට්‍රම්ප් මෙම තීණය ගෙන තිබේ.
චීනයේ මෙම ක්‍රියාපිළිවෙත දේශපාලනික බලඅධිකාරයේ උසිගැන්වීමෙන් සිදුවන්නක් බවට චෝදනා කරන ට්‍රම්ප්, ඔවුන් ඇමෙරිකාවෙන් ප්‍රයෝජන ගන්නා බවට චෝදනා කරයි.
කෙසේ වෙතත්, ලෝකය ගෝලීය ආර්ථිකයක් කරා යොමුවිය යුතු බවට මීට දශකයකට පමණ පෙර හඬනගා කී ඇමෙරිකාවම, ගෝලීයකරණයෙන් මිදී මේ වනවිට මුළුගැන්වීමට උත්සාහ කරන්නේ, ගෝලීයකරණය හරහා ලෝකයේ අපනයන ආර්ථිකය ඇමෙරිකාව අභිභවා යෑම නිසාය.
වර්ෂ 2013 පමණ වනතෙක් දශක කිහිපයක්ම ලෝකයේ ප්රබලතම අපනයන ආර්ථිකයට හිමිකම් කී ඇමෙරිකාව වර්තමානය වනවිට චීනය විසින් පසුකර ඇති අතර, තවත් ආසියානු රාජ්‍යයන් කිහිපයක්ම යුරෝපා රාජ්‍යයන් අභිභවමින් අපනයන ආර්ථිකයන්හි ඉදිරියට පැමිණ ඇත.