මොස්කව් සහ බීජිං අතර විරසකයක් ඇති කිරීම අරමුණු කරගත් ක්රියාමාර්ග හෙළා දකින අතර චීනය තර්ජනයක් නොව උපායමාර්ගික හවුල්කරුවෙකු බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අවධාරණය කරයි.
"රුසියාව සහ චීනය අතර සම්බන්ධතාවය විනාශ කිරීමට දරන උත්සාහයන් අපට දැකගැනීමට පුළුවන්. එම උත්සාහයන් ප්රායෝගික ප්රතිපත්තිවලින් සිදුවන බව අපට පෙනෙනවා" යැයි පූටින් එක්සත් ජනපදයේ එන්බීසී සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.
"පසුගිය දශක කිහිපය තුළ අපගේ සම්බන්ධතාවය පෙර නොවූ විරූ ලෙස ඉහළ මට්ටමක පැවතීම ගැන අප සතුටු වෙනවා. අපගේ චීන මිතුරන්ට මෙන්ම, අපටත් එය ඉතා ආදරයෙන් රැකබලා ගත හැකියි." පූටින් වැඩිදුරටත් පැවසීය.