චීනය ඊයේ (14දා) වනවිට කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 900කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාදී ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම අද (15දා) නිවේදනය කළේය.
ඒ අනුව ලෝකයේ මෙතෙක් වැඩිම එන්නත් ප්‍රමාණයක් ලබාදී ඇති රට ලෙස චීනය තවදුරටත් ඉදිරියේම සිටින අතර, එරට එන්නත්කරණය සිදුකරන වේගයද සෙසු රටවලට වඩා වැඩි වේගයක් ගනී.