පාකිස්තානයේ කරාචි නගරයේ වූ චීන කොන්සල් කාර්යාලයට පසුගිය සිකුරාදා එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 7දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
මෙම දැවැන්ත ප්‍රහාරයේ වගකීම බලුකිස්තානයේ බැලොක් විමුක්ති හමුදාව ලෙස පෙනී සිටින බෙදුම්වාදී කණ්ඩායමක් විසින් භාරගෙන තිබේ.
එමෙන්ම, චීන - පාකිස්තාන ආර්ථික කොරිඩෝවට (CPEC) මුවාවී බලුකිස්තානයේ ස්වාභාවික සම්පත් සහ ඉඩම් අයිති කර ගැනීම නතර නොකළහොත් යළි ප්‍රහාර එල්ල කරන බවටද ඔවුන් අනතුරු අඟවා තිබුණි.
චීන සහ පාකිස්තාන රජයයන් CPEC ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමෙන් පාකිස්තානය (විශේෂයෙන් බලුකිස්තානය) විශාල විපර්යාසයකට ලක්වූ බව නොරහසකි.
මෙය බලුකිස්තානයට ශීඝ්‍ර සංවර්ධනයක් ළඟා කෙරෙන ව්‍යාපෘතියක් ලෙස අර්ථ දැක්වූවද, මෙම යෝජනාවට බොහෝ පිරිසක් එරෙහිව සිටින බව පාකිස්තානයෙන් ඇසෙයි.
අදාළ ගිවිසුම හරහා චීනය බලුකිස්ථානයේ වූ ස්වභාවික සම්පත් කොල්ලකනු ඇති බවට ජාතිකවාදී පිරිස් චෝදනා කරන අතර, ඒවා ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ ප්‍රයෝජනයට ලබා නොදීම මෙහි ප්‍රධාන ප්‍රතිරෝධය බවට පත්ව තිබේ.