ලිංගික වහල් සේවයේ ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිරගතව සිටින එක්සත් ජනපදයේ ප්‍රකට මූල්‍ය සම්පාදකයෙකු වූ ජෙෆ්රි එප්ස්ටෙයින් සිරමැදිරිය තුළ සියදිවි හානි කරගෙන තිබේ.
නිව්යෝක් නුවර සිර මැදිරියක් තුළ ඔහුගේ නිසල දේහය සෙනසුරාදා උදෑසන සොයාගෙන තිබුණු බව පොලීසිය පවසයි.
මීට පෙරද ඔහු සියදිවි නසා ගැනීමකට උත්සාහ කර ඇති අතර, එවර තුවාල ලබා ඔහුගේ දිවි ගැලවී ඇතත් මෙවර ඔහු සිය දිවියට සමුදී ඇති බව විදෙස් වාර්තා පවසයි.
66 හැවිරිදි වියේ පසුවන එප්ස්ටෙයින් තමාට එල්ල වූ චෝදනාවලට නිවැරදිකරු බව වරින් වර කියා සිටියත්, නඩුවිභාගය අවසන් වනතුරු ඔහු තවදුරටත් අත්අඩංගුවේ පසුවිය.
කෙසේ වෙතත්, මෙම සිරමැදිරිය තුළ සාමාන්‍යයෙන් සියදිවි නසාගැනීමකට අවස්ථාවක් නොමැති බවත්, මෙය රට තුළ පවතින අධිආරක්ෂිත සිරමැදිරියක් බවත් පැවසෙයි.