එක්සත් ජනපදයේ ම්ලේච්ඡ සමූහ වෙඩි තැබීම් සිදුවූ ප්රාන්ත වෙත ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සංචාරය කිරීම අරඹා තිබේ.
ඔහයිඕ ප්රාන්තයේ, ඩෙයිටොන් නගරය වෙත මුලින්ම පැමිණි ට්රම්ප් පසුව, ටෙක්සාස් ප්රාන්තයේ එල් පාසෝ වෙත පැමිණීමට නියමිතය.
පුද්ගලයන් 31 දෙනෙකුට මරු කැඳවූ මෙම ප්රහාරයන් ද්විත්වයම සුදු ජාතිකත්වය මුසුවූ වෛරී ප්රහාර බව මේ වනවිට අනාවරණය වී ඇත.
සුදු ජාතිකත්වය හෝ කවර අන්දමින් පැමිණියත් වෛරී ප්රහාර සම්බන්ධයෙන් තමන් බලවත් අවධානයක් යොමුකරන බව ට්රම්ප් මීට පෙර පවසා තිබුණි.
කෙසේ වෙතත්, වෛරී ප්රකාශන පැතිරූ සහ ඊට සහාය දැක්වූ නායකයෙකු ලෙස ට්රම්ප් වෙතද චෝදනා එල්ල වී තිබේ.
මේ නිසාම, එල් පාසෝ නියෝජිනය කරන ඩිමොක්රටික් කොංග්රස් සභිකයෙකු වන වෙරෝනිකා එස්කෝබ්රා, ජනපති ට්රම්ප් මුණගැසීම ප්රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.