ගාසා තීරයේ IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් සමග සබඳතා පවත්වන ජිහාඩ් ත්රස්තයන් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් මුර පොළවල් දෙකක් ඉලක්ක කරමින් මෙම බෝම්බ ප්‍රහාර එල්ල කෙරී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ගාසා අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මෙම බෝම්බ ප්‍රහාර ත්‍රිත්වයත් සමග හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ අතර, හමාස් නායක ඉස්මාලි හානියා පවසා සිටියේ මීට වගකිව යුත්තන්ට දඬුවම් කරන බවයි.
ගාසා තීරයේ පවතින ස්ථාවරත්වයට මෙවැනි බෝම්බ ප්‍රහාරයකින් අභියෝග කළ නොහැකි බව හෙතෙම පවසා සිටියේය.
මේ අතර, අදාළ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට ජිහාඩ් ක්‍රියාකාරිකයෙකු අත්ඩංගුවට පත්ව ඇති බවද වාර්තා වෙයි.