එක්සත් ජනපදය තුළ මෑතකදී සිදුවූ වෙඩි තැබීම් සිදුවීම් සමග එරට ගිනිඅවි පාලනය සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ කිහිපයක් ඉදිරියේදී ගන්නා බව ජනපති ට්රම්ප් ප්රථම වරට කියයි.
මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවු තුළ ගිනිඅවි භාවිත කරන්නන්ගේ ප්රමුඛතම සංගමය වන ජාතික රයිෆල් සංගමය සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ට්රම්ප් කියයි.
ඒ අනුව, ඔවුන්ගේ අදහස්වලටද ඇහුම්කන් දෙමින්, ඒ අදහස්වලටද ගරු කරමින් තමන් මෙම තීරණ ගන්නා බවද ට්රම්ප් පවසා තිබේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් තමන් ගන්නා පියවර සම්බන්ධයෙන් ට්රම්ප් මෙතෙක් අදහස් දැක්වීමක් කර නොමැති අතර, මෙය පසුගියදා ටෙක්සාස් සහ ඔහයිඕ ප්රාන්තවල සිදුවූ ප්රහාර ප්රහාරවල බරපතළකම හේතුවෙන් සිදුකළ ප්රකාශයක් බවද සඳහන් වේ.