එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ට දෙවැනි වාරයක් සඳහා සහාය ලබාදී ඇති අතර, 193 දෙනෙකුගෙන් යුතු මහා මණ්ඩලය විසින් ඔහුව 2022 ජනවාරි 01දා සිට තවත් වසර 5කට පත්කරන ලෙස නිර්දේශ කර තිබේ.
"ඔහු මේ වනවිටත් ධුරයට සුදුසු බව ඔප්පු වී ඇත්තේ වසර පහක් තුළ අඛණ්ඩව සේවයේ යෙදීම තුළයි" එස්තෝනියාවේ එක්සත් ජාතීන්ගේ තානාපති ස්වේන් ජර්ගන්සන් පැවසීය. "ඔහු විශිෂ්ට මහලේකම්වරයෙක්. ඔහු එකිනෙකා අතර පාලම් සාදන්නෙක්. ඔහුට සෑම කෙනෙකුටම කතා කළ හැකි අයෙක්. මම හිතන්නේ මෙය මහලේකම්වරයාගෙන් බලාපොරොත්තු වන දෙයක්."
නිවේදනයක් නිකුත් කරමින් ගුටරෙස් පවසා සිටියේ, "සභාවේ සාමාජිකයින් මා කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳව මම ඔවුන්ට කෘතඥ වෙනවා" යනුවෙනි. "දෙවැනි වරමක වගකීම් මහා සභාව විසින් මට භාර දුන්නොත් මම අතිශයින් නිහතමානීව ඒ වගකීම භාරගන්නවා."
ගුටෙරෙස් 2017 ජනවාරි මාසයේදී බෑන් කී මූන්ගෙන් පසුව ගුටරෙස් තේරීපත් වූයේ, 2016 ඔක්තෝබර් මාසයේ පැවති උණුසුම් තරඟයකින් පසුවය. එහිදී අපේක්ෂකයන් 13 දෙනෙකු ඇතුළත්ව සිටි අතර, කාන්තාවන් 7 දෙනෙකු සහ පිරිමින් 6 දෙනෙකු ඒ අතර විය.
ඒ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් බලයට පත්වීමට සති කිහිපයකට පෙරය. ගුටරෙස්ගේ පළමු වැනි වාරයේ වැඩි කාලයක් යොමු වූයේ එක්සත් ජාතීන්ගේ වටිනාකම සහ බහුපාර්ශ්විකත්වය පිළිබඳව ප්රශ්න කළ ට්රම්ප්ව මෙල්ල කිරීම සඳහාය.