ඉන්දීය පාලනයේ පවතින කාෂ්මීරයේ ස්වයං පාලන හිමිකම ඉවත් කිරීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කිරීමත් සමග ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින සබඳතා තවදුරටත් දුරස් වෙමින් පවතී.
ඒ අනුව, කාෂ්මීරයේ දුරකථන සම්බන්ධතා සහ අන්තර්ජාල පහසුකම් අවහිර කර තිබූ අතර, දැඩි ආරක්ෂක රැකවල් ප්‍රදේශය පුරාම දැකගත හැකිවිය.
කාෂ්මීරය සඳහා ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් දෙකම අයිතිවාසිකම් කියා සිටියද, ඔවුන් දෙපාර්ශ්වයම පාලනය කරනු ලබන්නේ ඉන් අඩකි.
මේ අතර කාෂ්මීරය තුළ මුස්ලිම් දේශපාලඥයන් කිහිප දෙනෙකු නිවාස අඩස්සියේ තැබීමටද ඉන්දීය රජය කටයුතු කර ඇත.
මේ අතර, ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ පිහිට පැතීමට පාකිස්තානය කටයුතු කර ඇත.
මේ අතර, ඉන්දියාවේ මෙම ක්‍රියාවට චීනය සිය දැඩි විරෝධය පෑමක් දක්වා ඇති අතර, මෙය පිළිගත නොහැකි තත්ත්වයක් බව චීනය පවසා ඇත.