කොරෝනා වෛරස වසංගතයට ප්‍රතිචාරයක් වශයෙන් සෞදි අරාබිය විසින් වාර්ෂික හජ් වන්දනාව පුරවැසියන්ට සහ රටේ පදිංචිකරුවන්ට පමණක් සීමා කිරීමට පසුගිය වසරේ ගත් තීරණය අනුව යමින්, මෙවරද කිසිදු විදේශිකයෙකු නොමැතිව උපරිම වන්දනාකරුවන් 60,000කට පමණක් අවස්ථාව ලබාදෙන බව කියයි.
එසේම එරට සිටින අය පවා හජ් වන්දනාව සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔවුන් නිදන්ගත රෝගවලින් තොර විය යුතු අතර, අනිවාර්යයෙන් එන්නත් ලබාගෙන තිබිය යුතු වෙයි. එමෙන්ම ඔවුන් වයස අවුරුදු 18ත් 65ත් අතර විය යුතු බව අමාත්‍යාංශය සෙනසුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
කොරෝනා වෛරස වසංගතයෙන් මුළු ලෝකයම පීඩාවට පත්වෙමින් සහ නව ප්රභේදයන් මතුවීමත් සමග අදාළ බලධාරීන් ගෝලීය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අඛණ්ඩව අධීක්ෂණය කරමින් මෙම තීරණයට පැමිණ ඇති බව කියයි.