එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තය පුරා පැතිර යන ලැව්ගිනි සමග ප්‍රාන්තයේ විශාල පිරිසක් විදුලිය නොමැතිව දැඩි අර්බුදයකට ලක්ව ඇති බව කියයි.
මෙම ලැව්ගිනි තත්ත්වය ඇතිවීමට හේතු වූ විදුලි කාන්දුව ඇති වූ පැසිෆික් ගෑස් සහ ඉලෙක්ට්‍රික් සමාගම පවසන්නේ පවතින තත්ත්වය හේතුවෙන් තවදුරටත් ලැව්ගිනි වැළැක්වීමට ඔවුන්ට විදුලිබල සැපයුම අත්හිටුවීමට සිදුවූ බවයි.
ප්‍රාන්තයේ පුද්ගලයන් 50,000කට වැඩි පිරිසක් මේ වනවිට ලැව්ගිනි පැතිර යන ප්‍රදේශවලින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
ලොස් ඇන්ජලීස් සහ සොනෝමා යන ප්‍රදේශවල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමටද කටයුතු කර තිබේ.
කැලිෆෝනියා ගිනි නිවන හමුදාව පවසන්නේ, පවතින වියළි හා දැඩි සුළං සහිත කාලගුණික තත්ත්වය මෙම ලැව්ගිනි පැතිරවීම වේගවත් කර ඇති බවයි.