එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්රාන්තයේ පැතිර යන ලැව්ගිනි පැතිර යාම වේගවත්වීම නිසා ප්රාන්තයේ ජනතාව තවදුරටත් ඉවත්කිරීම ආරම්භ කර තිබේ.
ඒ අනුව, සැන්ටා රෝසා නගරයේ විශාල කොටසක සිටි ජනතාව වහාම ඉවත් කිරීමට නියෝග ලබා දී ඇත.
මේ වනවිට උතුරු කැලිෆෝනියාවේ පමණක් පුද්ගලයන් 180,000ක් පමණ ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
පළාතේ ෂෙරීෆ්වරයා කියා සිටියේ ඔවුන් දන්නා කාලයේදී මෙවැනි ජනතාව විශාල වශයෙන් ඉවත් කිරීමක් සිදුවූ ප්රථම අවස්ථාව මෙය බවයි.
මෙසේ ජනතාව ඉවත් කිරීම ආරම්භ කර ඇති සැන්ටා රෝසා පළාතේ 175,000ක පමණ ජනතාවක් ජීවත් වන බව විශ්වාස කරයි.