චීන සමාගමකට අයත් කාම්බෝජයේ ඉදිකරමින් පැවති මහල් 7ක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 24 දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූවන් අතර බරපතළ තත්ත්වයේ පසුවූවන්ද සිටින අතර, තවත් පුද්ගලයන් සුන්බුන් අතර සිරවී සිටින බැවින් සෝදිසි මෙහෙයුම් සිදුවෙමින් පවතී.
වෙරළාසන්න නගරයක චීන හෝටල් සහ කැසිනෝ සමාජ ශාලාවක් වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල ඉදිවෙමින් පැවති බව කියැවෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, චීන සමාගමේ හිමිකරු, ඉදිකිරීම් සමාගමේ ප්රධානියා, කොන්ත්රාත්කරු මෙන්ම ඉඩම් හිමියා ඒ අතර වෙයි.
සිද්ධියට මුහුණදී ජීවිතය බේරාගත් පිරිස් පවසා තිබුණේ ගොඩනැගිල්ල කඩා වැටීමට පෙර එය මොහොතක් කම්පනයට ලක්වූ බවයි. කෙසේ වෙතත්, ඉන් පිටතට පැනීමටවත් කාලයක් නොදී ගොඩනැගිල්ල කඩා වැටුණු බව ඔවුන් කියයි.