ඇෆ්ගනිස්තානයේ, කාබුල් නුවර පොලිස් ස්ථානයක් ඉදිරිපිට සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 150කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
පිපිරීමත් සමග විශාල කළු දුම් වළාවක් අහසට නැගී ඇති අතර, අසල ගොඩනැගිලි රැසක් සුන්බුන් බවට පත්ව තිබේ. ප්‍රහාරයෙන් තුවාල ලැබූ බහුතරය සාමාන්‍ය වැසියන් බව සඳහන් වෙයි.
මෙම බෝම්බ ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය භාරගෙන ඇති අතර, එම සංවිධානය සහ එක්සත් ජනපද නියෝජිතයන් අතර සාම සාකච්ඡා පැවැත්වෙන අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
ඇෆ්ගනිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ මෙම ප්‍රහාරය සඳහා කාර් බෝම්බයක් යොදාගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, තලේබාන් සංවිධානය පවසා ඇත්තේ ඔවුන් ට්‍රක් රථයක් යොදා ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවය.
එමෙන්ම, ඔවුන් ආරක්ෂක අංශ බඳවා ගැනීමේ මධ්‍යස්ථානයක් ඉලක්ක කළ බවත්, ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් රැසක් ජීවිතක්ෂයට පත්වූ බවත් ඔවුන් කියයි.