එක්සත් ජනපදයේ කැපිටල් හිල් හි සේවකයෙකු සමග ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන ඇති බවට කටකතා පැතිරීමත් සමග ඇමෙරිකානු නීති සම්පාදක කැතී හිල් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කර තිබේ.
කැලිෆෝනියානු ප්‍රාන්තය නියෝජනය කරන ඩිමොක්රටික් සභිකයෙකු වන ඇය, මෙම කටකතා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, සිද්ධියෙන් දැඩි කම්පාවකට පත්ව තමන් සිය ධුරයට සමුදෙන බව කියයි.
"මගේ ඡන්ද දායකයන් වෙනුවෙන් මා මේ අවස්ථාවේ කළ යුතු හොඳම දෙය එයයි. මගේ ජනතාව, මගේ රට වෙනුවෙන් කළ යුතු හොඳම දේ මම කළා." ඇය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආචාර ධර්ම පිළිබඳ කමිටුව මගින් ඇයව කැඳවා පරීක්ෂණයක් ආරම්භ වී දින කිහිපයකින් පසුව ඇය සිය ධුරයට සමුදී තිබේ.