බ්‍රිතාන්‍යයේ එසෙක්ස් වෙත රැගෙන ආ ශීතකළ කන්ටේනර් පෙට්ටියක තිබී හමුවූ මළ සිරුරු චීන ජාතිකයන් පිරිසකගේ මළ සිරුරු බව හඳුනාගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්වූ එම ලොරි රථයේ රියදුරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව ඔවුන්ගේ පවුලේ ඥාතීන් මෙන්ම, හිතවතුන් පවසා සිටියි.
ඔහු තමන්ට ලැබුණු කන්ටේනර් පෙට්ටිය රැගත් ලොරිය අදාළ ස්ථානය වෙත ගෙනැවිත්, එය භාරදීම සඳහා අවශ්‍ය ලියකියවිලි ලබාගැනීමට කන්ටේනරය විවෘත කිරීමේදී දුටු දර්ශනයෙන් ක්ලාන්ත වී ඇති බවද අනාවරණය වෙයි.
එහිදී, ගිලන් රථයකට මෙන්ම, පොලීසියටද දැනුම් දීමට කටයුතු කර ඇත්තේද මෙම රියදුරුම බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මියගිය චීන ජාතිකයන් පිරිස බෙල්ජියමේ සිට මෙම කන්ටේනර් පෙට්ටිය තුළ නැගී අනවසරයෙන් බ්‍රිතාන්‍ය වෙත සංක්‍රමණය වීමට පැමිණ තිබුණත්, ඔවුන් ඉතා අවාසනාවන්ත ලෙස දැඩි සීතලකට මුහුණදී මියගොස් ඇති බව කියැවෙයි.
මියගිය පිරිස අතර වැඩිහිටි පිරිමි පුද්ගලයන් 31 දෙනෙකු සහ කාන්තාවන් 8 දෙනෙකු සිටින අතර, එක් අයෙකු නව යොවුන් වියේ තරුණියක බව කියයි.
මෙම මරණ සම්බන්ධයෙන් වැඩිදුර මරණ පරීක්ෂණයන්ද සිදුවන අතර, අදාළ රියදුරාගෙන්ද තවදුරටත් ප්‍රශ්න කෙරෙන බව සඳහන් වෙයි.