කැතේ පැසිෆික් ගුවන් සේවයේ ප්රධාන විධායක නිලධාරී රූපට් හොග් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
හොංකොං නුවර පැවැත්වෙන රාජ්ය විරෝධී උද්ඝෝෂණයන්ට සිය ගුවන් සමාගමේ ඇතැම් සේවකයන් සම්බන්ධ වී සිටින ආකාරය ප්රසිද්ධියට පත්වීමත් සමග, ඊට සම්බන්ධ වූවන්ගේ සේවය අත්හිටුවන ලෙස චීනය දැනුම් දුන්නේය.
ඒ අනුව, මෙම සිදුවීමේ වගකීම භාරගනිමින් ප්රධාන විධායක නිලධාරීවරයා සිය ධුරයෙන් ඉවත්වූ අතර, එහි සභාපති ජෝන් ස්ලෝසර් පවසා සිටියේ නව කළමනාකාරීත්වයක් යටතේ ගුවන් සමාගමට විශ්වාසයෙන් යුතු නව ගමනක් යෑමට දැන් කාලය එලැඹ ඇති බවයි.
ප්රධාන විධායකට අමතරව, ගුවන් සමාගමේ පාරිභෝගික හා වාණිජ කටයුතු පිළිබඳ ප්රධාන නිලධාරී පෝල් ලූ ද, ධුරයෙන් ඉවත්ව තිබේ.