ඔස්ට්‍රේලියාවේ ඇතිවී තිබෙන ලැව්ගිනි හේතුවෙන් කෝලා වලසුන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වනවජීවී නිලධාරීහු විශ්වාස කරති.
සිඩ්නි නගරයට උතුරින් ඇතිවී තිබෙන ලැව්ගිනි සමග හෙක්ටයාර 2,000ක පමණ විනාශ වී ඇති අතර, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය කෝලා වලසුන් ගහණ පෙදෙසක් ලෙස සැලකෙයි.
මේ ආකාරයෙන් කෝලා වලසුන් විශාල පිරිසක් ලැව්ගිනිවලට ගොදුරුවීම ජාතික ව්‍යසනයක් ලෙස ඔස්ට්‍රේලියාව සැලකිය යුතු බවද ඔවුන් පවසයි.
ඔස්ට්‍රේලියාවට ආවේණික කෝලා වලසුන් පසුගිය කාලය පුරා ශීඝ්‍ර අඩුවීමකට ලක්ව ඇති පරිසරයක මෙම ලැව්ගිනි ව්‍යසනය තත්ත්වය තවත් උග්‍ර කර තිබේ.