එළිමහනේදීත් මුඛ ආවරණයක් පැලඳීමේ නීතිමය අවශ්‍යතාව ජුනි 26දා සිට ස්පාඤ්ඤය විසින් ඉවත් කරන බව අගමැති පේද්රෝ සැන්චෙස් පැවසීය.
"එළිමහනේ මුඛ ආවරණ පැලඳ සිටින අවසාන සති අන්තය මෙය වනු ඇති. මන්දයත් ලබන ජුනි 26දා සිට එළිමහන් පොදු ස්ථානවල මුඛ ආවරණ තවදුරටත් පැලඳිය යුතු නැහැ" යනුවෙන් ඔහු පැවසීය.
බ්‍රහස්පතින්දා පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමකදී මෙම නීතිය ඉවත් කිරීම අනුමත කිරීමට නියමිත බව සැන්චෙස් බාසිලෝනා සංචාරයකදී පැවසීය.
COVID-19 ආසාදන අවම කිරීම සඳහා මුඛ ආවරණ පළමුවෙන්ම 2020 මැයි මස මුලදී පොදු ප්‍රවාහනය සඳහා අනිවාර්ය කරන ලද අතර, සති කිහිපයක් ඇතුළත එළිමහනේදී පවා වයස අවුරුදු හය හෝ ඊට වැඩි ඕනෑම අයෙකුට එය අනිවාර්ය කරන ලදී. එසේම නීති උල්ලංඝනය කරන ඕනෑම කෙනෙකුට දඩයකටද යටත් වීමට සිදුවිය.
ස්පාඤ්ඤය තුළ එන්නත්කරණය වේගවත් කිරීම හමුවේ, වැඩි පිරිසකට මේ වනවිටත් එන්නත් මාත්‍රා ද්විත්වයම ලබාදී ඇති නිසා මේ ආකාරයෙන් මුඛ ආවරණ එළිමහන් ස්ථානවල ගැලවීමට ජනතාවට අවකාශය හිමිව තිබේ.