ඉරානය සමග ඇතිවී තිබෙන උණුසුම් වටපිටාවත් සමග අමතර හමුදා භටයන් 1000ක් මැදපෙරදිග කලාපය වෙත යැවීමට එක්සත් ජනපදය කටයුතු කරමින් සිටියි.
ඉරාන ආරක්ෂක අංශවල එදිරිවාදී හැසිරීමට ප්‍රතිචාර ලෙස මෙම හමුදා එම කලාපය වෙත යවන බව එක්සත් ජනපදයේ වැඩබලන ආරක්ෂක ලේකම් පැට්රික් ෂැනහන් පවසයි.
මේ අතර, මෑතකදී ගල්ෆ් මුහුදේදී තෙල් නෞකා ඉලක්ක කරමින් එල්ල වූ ප්‍රහාරවල ඡායාරූප කිහිපයක්ද එක්සත් ජනපද නාවික හමුදාව විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
මේ අතර, ඉරානය පසුගිය සඳුදා දිනයේදී නිවේදනය කළේ ඔවුන් තවදුරටත් සිය න්‍යෂ්ටික අවශ්‍යතා සීමා කරමින් 2015 වසරේදී අත්සන් කෙරුණු න්‍යෂ්ටික ගිවිසුමේ කොටස්කරුවෙකු නොවන බවයි.