එක්සත් ජනපදයේ රාත්‍රී සමාජ ශාලා තුළ සරාගී රංගනයන්හි නිරත වන ඇතැම් තරුණියන් දිනකට ඇ.ඩො.8,000කට වැඩි ආදායමක් උපයන බව අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත්, මෙවැනි විශාල ආදායමක් දිනපතා උපයා ගනු ලැබූවද, මූල්‍ය පාලනයේ ඔවුන් දක්වන දැඩි අසමත්කම නිසා ඔවුන් වැඩි දෙනෙකු අවසානයේ සිඟමනට වැටෙන තත්ත්වයක්ද පවතින බව වාර්තා වෙයි.
ජෝර්ජියා ප්‍රාන්තයේ, ඇට්ලන්ඩා හි මැජික් සිටි ප්‍රදේශයේ පැවති සමාජ ශාලාවක් තුළට හොර රහසේ ඇතුළු වූ මාධ්‍ය කණ්ඩායමකට අනාවරණය වී ඇත්තේ බොහෝ සුරූපිණියන් වසරකට ඇ.ඩො.100,000 ඉක්ම වූ සාමාන්‍ය ආදායමක් උපයන බවයි.
විශේෂයෙන්ම මෙවැනි සමාජ ශාලා තුළ පවතින උත්සව සඳහා ඇමෙරිකාවේ ප්‍රකට තරු නිරන්තරයෙන් පැමිණෙන බවත්, කෙනී වෙස්ට්, රිහානා, පෆ් ඩැඩී, කෙවින් හාට් වැන්නවුන් සමග ඔවුන් විනෝද වන බවත් සඳහන් වෙයි.
මෙම මාධ්‍ය කණ්ඩායම සමග අදහස් දැක්වූ සුරූපිණියන් පවසා ඇත්තේ ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට මුදල් අනවශ්‍ය ලෙස ලැබෙන නිසා ඔවුන්ට මුදල් කිසි වටිනාකමක් නැති දෙයක් බවට මේ වනවිට පත්ව ඇති බවයි.
මේ නිසාම, මුදල් පාලනයේ ඔවුන් තුළ විනයක් නොමැති වීමෙන් මෙම ක්ෂේත්රයේ සිටින තරුණියන් රැසකගේ ගමනේ අවසානය දුක්බර බවද සඳහන් කර තිබේ.