එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රූත් බේඩර් ගින්ස්බර්ග් සිය අගන්‍යාශයේ ඇති වූ පිළිකාවක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගන්නා බව එරට අධිකරණය දැනුම් දෙයි.
ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ මෙතෙක් සිදුකළ ප්‍රතිකාර සාර්ථක වී ඇති බවත්, ඇය ඊට ඉතා හොඳින් මුහුණ දෙමින් සිටින බවත්ය.
86 හැවිරිදි වියේ පසුවන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය, මීට පෙරද පිළිකාවකට ගොදුරු වී සිය ජීවිතය බේරාගනු ලැබුවේ අනූනවයෙනි. එමෙන්ම, ඇද වැටීමකට ලක්වීමෙන් ඉල ඇටය බිඳීමකටද ඇය මීට පෙර ලක්ව සිටියාය.
එරට සිටින ඉතා ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරිය ලෙස සැලකෙන ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකානු අධිකරණය වඩාත් විමසිල්ලෙන් පසුවන්නේ, යම් හෙයකින් ඇයගෙන් පුරප්පාඩුවන ධුරය සඳහා අයෙකු පත්කළ යුතු නිසාය.
එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට තමන් විසින්ම විශ්‍රාම දිවිය තීරණය කරන තුරු ජීවිත කාලයම එම ධුරයේ රැඳී සිටීමට අවස්ථාව පවතී.