ඔස්ට්‍රේලියාවේදී උරපොදි සංචාරකයන් (බැක්පැකර්) රැසක් ඝාතනය කිරීම නිසා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳමින් සිටි අයිවන් මිලාට් පිළිකාවක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
74 වැනි වියෙහි පසුවූ මිලාට් වර්ෂ 1989 සිට 1992 දක්වා කාලය තුළ උරපොදි සංචාරකයන් 7 දෙනෙකු ඝාතනය කර ඔවුන්ගේ සිරුරු නිව් සවුත් වේල්ස් හි වනාන්තර පෙදෙස්වලට ඇද දමා තිබුණි.
ඔහු පසුගිය කාලය පුරා පිළිකාවකින් පීඩා විඳිමින් සිටි අතර, සිඩ්නි රෝහලක ප්‍රතිකාර සඳහා ගොස් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.
කෙසේ වෙතත්, ඔහුගේ අභාවයත් සමග ඔහු අතින් සිදුවූ ඝාතන රැසක තවත් සොයාගත යුතුව තිබූ සුලමුල රැසක් කාලයේ වැලි තලාවෙන් වැසී යනු ඇති බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසයි.