තම උපන් දින ත්‍යාගය වෙනුවෙන් ජගුවාර් මෝටර් රථයක් ලබා නොදී බී.එම්.ඩබ්. මෝටර් රථයක් ලබාදීමට උරණ වූ ඉන්දියානුවෙකු එය ගංගාවකට තල්ලු කර දමා ඇති පුවතක් වාර්තා වෙයි.
උතුරුදිග ඉන්දියානු ප්‍රාන්තයක් වන හර්යානා ප්‍රාන්තය තුළ ගංගාවක් වෙත තල්ලු කර දැමුණු බී.එම්.ඩබ්. මෝටර් රථය එහි පාවෙමින් යන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ ජාල තුළට එක්ව තිබේ.
පසුව එය ගං ඉවුරක සිරවෙන අතර, එම පළාතේ ධනවත් ඉඩම් හිමියෙකුගේ පුතෙකු යැයි කියන මෙම සිද්ධිය සිදුකළ තැනැත්තා පසුව මෝටර් රථය ගගෙන් ගොඩගැනීමට උත්සාහ කරන ආකාරය දැක්වෙන වීඩියෝද පවතී.
පොලීසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන අතර, ඉන්දියාවේ බී.එම්.ඩබ්. මෝටර් රථයක් ඉන්දියානු රුපියල් මිලියන 3.5ක් පමණ වන අතර, ජගුවාර් මෝටර් රථයක් මිලියන 4 - 5ත් අතර වෙයි.