උතුරුදිග කැලිෆෝනියාව පුරා වේගයෙන් පැතිර යන ලැව්ගින්නක් හටගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
ආසන්නයේ වූ විදුලි රැහැන් පද්ධතියක් බිඳ වැටීමෙන් මෙම ලැව්ගිනි තත්ත්වය ඇති වූ බව අදාළ විදුලි සමාගම පවසයි.
පැසිෆික් ගෑස් ඉලෙක්ට්‍රික් සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ අධිබල විදුලි රැහැන් පද්ධතියක ඇති වූ හදිසි ගිනි ගැනීම් මෙම තත්ත්වයට හේතු වූ බවයි.
ඒ අනුව, මේ වනවිට ප්‍රාන්තයේ පුද්ගලයන් 40,000ක් පමණ ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ලැව්ගිනි පැතිරයාම වේගවත් වී ඇති බව කියයි.
අදාළ විදුලි සමාගම ආශ්‍රිතව මෙවැනි අනතුරක් ඇතිව මෙවැනි දරුණු ලැව්ගින්නක් හටගත් ප්‍රථම අවස්ථාව මෙය බවද කියැවෙයි.