උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් බෙදී වෙන්වීමෙන් පසුව එරට හමුදාව සුහද හමුවක් සඳහා දේශසීමා ඉක්මවා ගිය අවස්ථාවක් වාර්තා වෙයි.
දෙරට අතර ගොඩනැගෙමින් පවතින සුහදතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ පියවරක් ලෙස යුද මුක්ත කලාපයේදී දෙරටේ හමුදා මෙසේ හමුවී ඇත.
දේශසීමා පැනීමට පෙර දෙරටේ හමුදාවන් අතට අත දෙමින් සුබපතන ආකාරය විදෙස් වාර්තාවල දැකගත හැකි විය.
1950 දශකයේ කොරියානු යුද්ධය හේතුවෙන් කොරියානු අර්ධද්වීපය බෙදීවෙන්වූ අතර, දෙරට අතර එදාමෙදාතුර පැවතියේ සීතල යුද්ධයකි.
කෙසේ වෙතත්, වත්මන් දකුණු කොරියානු නායකයාගේ මිත්‍රත්වයේ දෑතත්, ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උතුරු කොරියානු නායකයා සමග පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයත් නිසා මේ වනවිට කොරියානු අර්ධද්වීපය තුළ සාමකාමී වාතාවරණයක් ඇතිවෙමින් පවතී.