උතුරු කොරියාව තවත් කෙටිදුර බැලස්ටික් මිසයිල ද්විත්වයක් අත්හදා බලා ඇති බවට දකුණු කොරියානු ආරක්ෂක අංශ සැක පහළ කරයි.
මාස 17ක කාලයක් මිසයිල අත්හදා බැලීමකින් තොරව සාම මාවතකට පිවිස සිටි උතුරු කොරියාව පසුගිය ජුලි මාසයේ සිට මේ වනවිට මිසයිල අත්හදා බැලූ 7 වැනි අවස්ථාව බවට මෙය පත්ව තිබේ.
විශේෂයෙන්ම ඇමෙරිකානු හා දකුණු කොරියානු යුද අභ්‍යාසයන්ට විරෝධයක පෑමක් ලෙස තමන් මෙම මිසයිල අත්හදා බැලීම් සිදුකරන බව ප්යොන්ග්යැන්ග් පාලනාධිකාරීය දිගින් දිගටම කියා සිටියේය.
ඊයේ (23දා) දකුණු කොරියානු ආරක්ෂක අංශ කියා සිටියේ, යුද අභ්‍යාසයන් අවසන් වීමෙන් පසුවත් මෙම අත්හදා බැලීම් සිදුවීම ගැන ඔවුන් දැඩි විමසිල්ලෙන් පසුන බවය.
එරට වේලාවෙන් ඊයේ පෙ.ව.6.45ට සහ 07.02ට දකුණුදිග හැම්ග්යොන්ග් පළාතේ සැන්ඩොක් නගරයේ සිට මෙම මිසයිල අත්හදා බැලීම් සිදුව තිබේ.