උතුරු ඉන්දියාවේ පවතින වායු දූෂණය ඉතා උග්‍ර මට්ටමකට ඉහළ ගොස් ඇති බව දිල්ලි ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් පවසයි.
ඉරිදා දිනය වනවිට දිල්ලි නුවර වායුවේ තත්ත්වය ඉහළ උපද්‍රව තත්ත්වයට ළඟා වී ඇත.
ඒ අනුව, පාසල් වසා දැමීමටත්, ගුවන් යානා 30කට අධික ප්‍රමාණයක් වෙනත් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමටත් දිල්ලි බලධාරීන්ට සිදුවූයේ ඝන දූලි මීදුමකින් දිල්ලි අගනුවරම වැසී තිබූ නිසාය.
මහ ඇමතිවරයා මධ්‍යම රජයෙන් මේ සම්බන්ධයෙන් උදව් ඉල්ලා ඇති අතර, කඩිනමින් මෙම ස්වභාවික ව්‍යසනයෙන් දිල්ලිය බේරාගැනීම සඳහා කටයුතු කරන ලෙස ඉල්ලා තිබේ.