පලස්තීන කඳවුරෙන් ගිනි බෝම්බ දියත් කිරීමක් සමග ඊශ්රායලයේ නව අගමැති බෙනට්ගේ ආණ්ඩුව හමාස් භූමිය වෙත ගුවන් ප්රහාර එල්ල කර තිබේ.
නව අගමැති නෆ්තාලි බෙනට්ගේ භූමිකාව පිරික්සීමක් ලෙස හමාස් සංවිධානය මෙම ගිනි බෝම්බ එල්ල කරනන්ට ඇති බව කියයි.
ඊශ්රායලයේ සමාජ ආර්ථික ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීම සහ පලස්තීනුවන් කෙරෙහි සංවේදී ප්රතිපත්ති තේරීම් වලක්වා ගැනීම සඳහා වූ පොරොන්දුව මත බලයට පත් බෙනට්, හිටපු අගමැති නෙතන්යාහු මෙන්ම අවියට අවියෙන් පිළිතුරු දෙන නායකයෙකු ලෙස සැලකෙයි.
මීට සති කිහිපයකට පෙර ඊශ්රායලය සහ ගාසා සටන්කාමීන් අතර දරුණු සටන් නැවැත්වූ ඊජිප්තු මැදිහත්වීමේ ගිවිසුමද මෙම ප්රහාර මාලාව සමග තර්ජනයට ලක්වූ බවක් නොපෙනුණේ, එම ප්රහාර දිගින් දිගටම එල්ල නොවූ නිසාය.
මෙහිදී දෙපාර්ශ්වයේම තුවාල ලැබූවන් පිළිබඳ වාර්තා නොවෙයි.