ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ බිරිඳ මූල්‍ය අල්ලස් සිදුවීමක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව ඇති බව එරට පොලීසිය කියයි.
ඊශ්‍රායල් අගමැති යුවළට ධනාත්මක මාධ්‍ය ආවරණයක් ලබාගැනීම සඳහා ඊශ්‍රායලයේ බෙසේක් ටෙලිකොම් සමාගම වෙත නියාමන අනුග්‍රහයක් පිළිගන්වා තිබීම ඔවුන්ට එරෙහිව නැගෙන චෝදනාවයි.
Case 4000 ලෙස සඳහන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ කිසිදු සබඳතාවක් නොමැති බව පවසමින් අගමැතිවරයා සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව, අගමැතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න තීරණය කිරීම ඊශ්‍රායලයේ නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව විදෙස් වාර්තා පෙන්වා වැඩිදුරටත් පෙන්වා දෙයි.