තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර යළිත් වරක් පැවැත් වූ නගරාධිපති ඡන්දයෙන් පාලක පක්ෂය පරාජයට පත්වෙමින් සිටින බව කියයි.
ප්රධාන විරුද්ධ පක්ෂය නියෝජනය කරන එක්රෙම් ඉමමොග්ලු දැනට ගණනය කර ඇති ඡන්දවලින් බහුතර බලයක් හිමි කරගෙන ඇති බව වාර්තා වෙයි.
පසුගිය මාර්තු මාසයේ පැවති මෙම මැතිවරණයෙන්ද ඔහු ජයග්රහණය ලැබුවත්, පාලක පක්ෂය කියා සිටියේ මැතිවරණ අක්රමිකතාවක් හේතුවෙන් මෙම ජයග්රහණය ලැබී ඇති බවයි.
ඒ අනුව, යළිත් වරක් මෙම මැතිවරණය පැවැත්වීමට තීරණය කෙරිණි.
කෙසේ වෙතත්, මෙම මැතිවරණ ප්රතිඵලය තුර්කියේ වත්මන් නායක රිසෙප් තයිප් එර්ඩෝගාන්ගේ ජනප්රියත්වය පහළ ගොස් ඇති බවට කදිම නිදසුනක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.