ඉරාන බොරතෙල් රැගෙන ගිය ග්‍රේස් 1 ඉන්ධන ප්‍රවාහන නෞකාව තවදුරටත් රඳවා තබාගන්නා ලෙස එක්සත් ජනපද නීති දෙපාර්තමේන්තුව ගිබ්රාල්ටා රාජ්‍යයෙන් ඉල්ලීමක් කර තිබේ.
පසුගිය ජූලි 04 වැනිදා රාජකීය මැරීන් භටයන් විසින් මෙම නෞකාව අත්අඩංගුවට ගත් අතර, මෙය ඉරානය සමග සබඳතා තවදුරටත් පළුදුවීමට හේතු විය.
එය තවදුරටත් රඳවා ගැනීමට විධානයක් නොමැති බවට ගිබ්රාල්ටා නීතිපතිවරයා ඉඟි කරමින් නෞකාව නිදහස් කිරීමට පැය කිහිපයක් තිබියදී එක්සත් ජනපද නීති දෙපාර්තමේන්තුව මෙම ඉල්ලීම කර තිබේ.
ඒ අනුව, මෙම ඉල්ලීම සමග නෞකාව මුදා හැරීම තවත් පමා වනු ඇති අතර, එක්සත් ජනපදය ඉදිරිපත් කළ ඉල්ලුම්පතද සලකා බලමින් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව ගිබ්රාල්ටා රාජ්‍ය පවසයි.