නිවැරදි අවස්ථාවේදී තමන් ඉරාන ජනාධිපති හස්සන් රොයුහානි හමුවී සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.
ප්‍රංශයේ පැවති G7 රාජ්‍ය නායක සමුළුව අවස්ථාවේදී, ඉරාන විදේශ අමාත්‍යවරයා කලින් දැනුම් නොදුන් කෙටි හමුවකට මෙම අවස්ථාවට සහභාගී වීමෙන් පසුව ට්‍රම්ප් මෙම අදහස් දැක්වීම කළේය.
ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සීමා කිරීම සඳහා එවකට ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා ඉරානය සමග 2015 දී ඇති කරගත් ගිවිසුමෙන් වොෂිංටනය ඉවත්වීමත් සමග දෙරට අතර ඇතිව මේ දක්වා මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබේ.
කෙසේ වෙතත්, සඳුදා දිනයේදී ට්‍රම්ප් කියා තිබුණේ, ඉරානය සමග අලුත් න්‍යෂ්ටික ගිවිසුමකට එළැඹීම සඳහා තමන්ට යහපත් හැඟීමක් ජනිත වී ඇති බවයි.
මේ අතර, ඉරානයේ යහපත වෙනුවෙන් යමෙක් සාකච්ඡා මේසයට සූදානම් ඕනෑම අයෙකු සමග සාකච්ඡා කිරීමට තමන්ද සූදානම් බව මීට පෙර ඉරාන ජනපති හස්සන් රොයුහානි පවසා තිබුණි.