ලොව පුරා දැවැන්ත තර්ජනයක් ඇති කළ ඉබෝලා වෛරසය මෙළොවින් තුරන් කිරීමේ ඉහළ සම්භාවිතාවක් ඇති සාර්ථක ප්‍රතිකාරයක් හඳුන්වාදීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ.
එක්සත් ජනපදයේදී සිදුවූ පර්යේෂණ ඇසුරෙන් නිර්මාණය වූ මෙම ප්‍රතිකාරය දැනට ඉබෝලා පැතිරී ඇති කොංගෝ ජනරජයේ රෝගීන් වෙත ලබාදී ඇති අතර, ඉන් 90%ක් යහපත් ප්‍රතිඵල පෙන්වා තිබේ.
ඉබෝලා වසංගතය වැලඳී යළි සුවය ලැබූ රෝගීන්ගෙන් ලබාගත් ප්‍රතිදේහ ඇසුරෙන් ඖෂධ ද්විත්වයක් ලෙස මෙම ප්‍රතිකාරය ලබාදෙන අතර, ඉදිරියේදී කොංගෝවේ ඉබෝලා වෛරසයට ගොදුරු වූ සියලු දෙනා වෙත මෙය ලබාදීමට සූදානම් වෙයි.
ඉබෝලා වෛරසය මීට පෙරද අප්‍රිකානු කලාපය පුරා දැඩි වසංගතයක් ආකාරයෙන් ඉස්මතු වූ අතර, පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීමෙන් එය පාලනය කිරීමට කටයුතු කළේය.
කෙසේ වෙතත්, කොංගෝ ජනරජය තුළ තවදුරටත් ඉබෝලා වසංගත තත්ත්වයක් පවතින අතර, වෛරසය වැළඳීමෙන් සිදුවන ජීවිත හානි දිගින් දිගටම වැඩිවෙමින් පවතී.