සමාජජාල භාවිතයේදී දරුවන්ගේ ආරක්ෂාව හා දරුවන් එම තොරතුරුවලින් උකහා ගන්නා දේ පිළිබඳ දෙමවුපියන්ට දෙවරක් සිතීමට අවැසි පුවතක් බ්‍රිතාන්‍ය ජාතික මොලි රසල් දැරියගේ කතා පුවත හා සබැඳෙයි.
අවුරුදු 14ක් වැනි නව යොවුන් වියේ කුඩා දැරියක ලෙස ඇය සිය දිවිගමනට සමුදීමට තීරණය කර තිබුණේ, සමාජ ජාල තුළ නිරන්තරයෙන් දකින සියදිවි හානිකරගැනීම් සහ තමාටම වදහිංසා පමුණුවා ගැනීමේ දසුන් රැසක් ඇය නැරඹීමට හුරුව තිබීමේ පරිසරය තුළය.
විශේෂයෙන්ම, ඉන්ස්ටග්‍රෑම් සමාජජාලය තුළ බහුල වශයෙන් ගැවසී තිබූ මෙම දැරියගේ මරණයට අදාළ ආයතනය වගකිව යුතු බව අද වනවිට දැරියගේ පියා වන ඉයන් රසල් ප්‍රසිද්ධියේ චෝදනා කරයි.
එමෙන්ම, මෙවැනි දරුවන් නොමග යවන හා දරුවන්ගේ අනාගතය අඳුරු කරන යෙදවුම් එවැනි සමාජජාල තුළින් ඉවත්කර යුතුව ඇති බවද එම පියා දැඩිව අවධාරණය කරයි.
කෙසේ වෙතත්, සිය දියණියගේ වියෝවයෙන් දැඩි කම්පනයකට හා දුකට පත්ව සිටින දැරියගේ පියා විසින් අදාළ සමාජ ජාල සමාගම් සිය ඉල්ලීමට කන්දෙන්නේද යන්න ගැන විමසා බැලීමට එක්සත් ජනපදයේ තවත් වගකිව යුතු දෙමවුපියන් සමග එක්ව සිටින බව වාර්තා වෙයි.